දෙරට අතර පවතින වෙළඳ අර්බුදය විසඳීම සඳහා එක්සත් ජනපදය සහ ඉන්දියාව නැවත සාකච්ඡා ආරම්භ කරන බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා. ට්‍රම්ප් සිය Truth Social ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබන්නේ දෙරට අතර පවතින වෙළඳ බාධක විසඳීම සඳහා දෙරට අතර අඛණ්ඩව සාකච්ඡා කරමින් සිටින බව යි.
ඒ අනුව ඉදිරි සතිවලදී ඔහුගේ ඉතා හොඳ මිතුරෙකු වන අගමැති මෝදි සමඟ කතා කිරීමට මම බලාපොරොත්තු වන බව ද ට්‍රම්ප් එහි සඳහන් කර තිබෙනවා.
එලෙසම සාර්ථක නිගමනයකට පැමිණීමට කිසිදු දුෂ්කරතාවයක් ඇති නොවන බව තමාට විශ්වාස බව ද ට්‍රම්ප් එහි පවසා තිබෙනවා.
මේ අතර මෙම සතිය මුලදී, ජනාධිපති ට්‍රම්ප්, ධවල මන්දිරයේදී ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා තිබුණේ ඉන්දු – අමෙරිකානු සබඳතා ඉතා විශේෂ බවයි.
👁️ 300 Views