Advertise here

ඇල්ල අනතුරේ බස් රථයේ හිමිකරු අත්අඩංගුවට

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 700 Views

පසුගිය දා ඇල්ල ප්‍රදේශයේ සිදු වූ මාරක රිය අනතුරට අදාල බස් රථයේ හිමිකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය දා 15 දෙනෙක්ට දිවි අහිමි කරමින් ඇල්ල ප්‍රදේශයේ සිදු වූ බස් රථ අනතුර සඳහා බලපෑ ප්‍රධාන හේතුව බස් රථයේ තිරිංග පද්ධතිය නිසි ලෙස නඩත්තු නොකිරීම බව අනතුර සම්බන්ධයෙන් පරික්ෂණයන් සිදු කිරීම සඳහා මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්ගේ නියෝග මත පත්කළ පරීක්ෂණ කණ්ඩායම අනාවරණය කරගෙන තිබෙනවා.

පරික්ෂණයන්වලදී වැඩිදුරටත් අනාවරණය කරගෙන ඇත්තේ පල්ලමක් බැසීමේදී පාවිච්චි කළ යුතු සුළු ගියරයක් වෙනුවට මෙම බස් රථය හතරවෙනි ගියරයේ පල්ලම බැස ඇති බවයි.

අනතුර සිදුවන විට බස් රථයේ පසුපස දකුණු ටයර් පද්ධතියේ තිරිංග මුළුමනින්ම අක්‍රියව පැවැති බවත් අනාවරණය වී තිබෙනවා.

👁️ 700 Views

More News..

Advertise here