Advertise here

නේපාලයේ සිටින ලාංකිකයන්ට නිවේදනයක්

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 1,960 Views

නේපාලයේ පැවැත්වෙන විරෝධතා හමුවේ එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට ගෘහස්ථව රැඳී සිටින ලෙස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

වැඩිදුරටත් අමාත්‍යාංශය නිවේදනය කරන්නේ, ශ්‍රී ලංකා තානාපති කාර්යාල නිලධාරීන් +977- 9851048653 අංකයෙන් පැය 24 පුරාම දුරකථනයෙන් සම්බන්ධ කර ගත හැකි බවය.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ ප්‍රකාශක තුෂාර රොද්‍රිගෝ මහතා, නේපාලයේ සිටින ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටියේ සෑම විටම ජලය සහ වියළි ආහාර සැපයුමක් , ඖෂධ භාවිතා කරන පුද්ගලයින් සෑම විටම අත්‍යවශ්‍ය ඖෂධ ලඟ තබා ගන්නා ලෙසය.

නේපාලය තුළ සිසුන් 22ක් ඇතුළුව ශ්‍රී ලංකිකයන් 99ක් එරට සිටින අතර තානාපති කාර්ය මණ්ඩලයද ඊට අයත් බවත් මේ දක්වා කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට හානියක් වාර්තා වී නොමැති බවත් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය  වැඩිදුරටත් පැවසීය.

👁️ 1,960 Views

More News..

Advertise here