Advertise here

අම්බලන්ගොඩ, හීනටිය මාර්ගයේ වෙඩිතැබීමක්

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 1,240 Views

අම්බලන්ගොඩ, හීනටිය මාර්ගයේ ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි පිරිසක් ඉලක්ක කර වෙඩිතැබීමක් සිදුකර තිබේ.

මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයෙක් තුවාල ලබා ඇති බවයි පොලිසිය පවසන්නේ.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති අතර වෙඩිතැබීමෙන් පසු වෙඩික්කරුවන් එම ස්ථානයෙන් පලා ගොස් ඇත.

තුවාලකරු ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ ආපසු යන අතරවාරයේදී මෙම වෙඩි තැබීම සිදුව ඇත. මොහු 19න් පහළ ක්‍රිකට් ක්‍රීඩකයෙකු ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

👁️ 1,240 Views

More News..

Advertise here