මෙක්සිකෝවේ දී බස් රථයක් දුම්රියේ ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 10 දෙනෙකු ජීවතක්ෂයට පත්ව තිබේ.
අනතුරින් කාන්තාවන් 07 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් තිදෙනෙකු මෙලෙස මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අනතුරින් පුද්ගලයින් 41 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන්ගෙන් කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව සඳහන්ය.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් සහ තට්ටු දෙක බස් රථයක් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
👁️ 1,120 Views