Advertise here

ඊශ්‍රායලයේ, ජෙරුසලම්හි වෙඩි ප්‍රහාර මාලාවක්

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 1,240 Views

ඊශ්‍රායලයේ, ජෙරුසලම්හි තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයින් හය දෙනෙකු මියගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ තවත් පුද්ගලයින් 12 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන්ගෙන් 06 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි.

ජෙරුසෙලම්හි රාමෝද් ප්‍රදේශයේ බස් රථයකට නැගීම සඳහා සිටි පිරිසක් ඉලක්ක කර ගනිමින් තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් වෙඩි ප්‍රහාර මාලාවක් සිදුකර තිබේ.

පසුව ආරක්ෂක අංශ විසින් වෙඩික්කරුවන් දෙදෙනාට ප්‍රතිප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

කුමන කණ්ඩායමක් විසින් වෙඩි ප්‍රහාරය සිදුකළේ ද යන්න පිළිබඳව මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැත.

👁️ 1,240 Views

More News..

Advertise here