Advertise here

මාරාන්තික මෝර ප්‍රහාරයකින් පුද්ගලයෙකු මිය යාමෙන් පසු වෙරළ තීර කිහිපයක් වසාදැමේ

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 1,700 Views

මාරාන්තික මෝර ප්‍රහාරයකින් පුද්ගලයෙකු මිය යාමෙන් පසු සිඩ්නි වෙරළ තීර කිහිපයක් වසා දමා තිබෙනවා.

සිඩ්නි නගරයේ Long Reef Beach වෙරළ තීරයේදී surfing කරමින් සිටියදී සිදු වූ මෝර ප්‍රහාරයකින් 57 හැවිරිදි පුද්ගලයෙකු ඊයේ ජීවිතක්ෂයට පත්වුණා.

එම වෙරළ තීරය මේ වනවිටත් net එකකින් ආරක්ෂා කර ඇති අතර net එක තුළට මෝරෙකු ඇතුළු වූයේ කෙසේදැයි පරීක්ෂණ පවත්වන බවයි NSW අග්‍රාමාත්‍ය ක්‍රිස් මින්ස් (Chris Minns) පවසන්නේ.

ඒ අනුව Dee Why wold වෙරළ පැය 72 ක් දක්වා වසා දමා ඇති බවයි Surf Life Saving Club නිලධාරීන් පවසන්නේ.

එමෙන්ම වෙරළ කිහිපයක shark nets ඉවත් කිරීමට NSW රජය සැලසුම් කර තිබූ අත්හදා බැලීමේ ව්‍යාපෘතිය ද තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

👁️ 1,700 Views

More News..

Advertise here