Advertise here

අද සිට රථ වාහන නීතිය දැඩිවේ

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 1,820 Views

අද (08) දිනයේ සිට රථ වාහන නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන අමාත්‍යංශය පවසයි.

ඒ සදහා පොලිස් නිලධාරීන් වාහන පරීක්ෂා කිරීමේ කටයුතු සදහා දිවයින පුරා යොදවන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පෙන්වා දෙන්නේ ය.

මෙහිදි ධාවනයට නුසුදුසු තත්ත්වයේ පවතින වාහන, වර්ණ වෙනස් කිරීම් සිදුකර ඇති වාහන පරීක්ෂා කිරීමට නියමිතව ඇත.

ඊට අමතරව නීති විරෝධී සවිකිරීම්. විවිධ වර්ණ සහිත අමතර පහන් සවිකර ධාවන කරන වාහන, වාහනවල ඉදිරිපස, පිටුපස සහ බඳෙහි චිත්‍ර මෝස්තර සහ වෙළඳ දැන්වීම් ප්‍රදර්ශණය කිරීම, පිලිබදව ද පරීක්ෂා කිරීමට නියමිතය.

එලෙසම ඝෝෂාකාරී නලා සවිකර ඇති වාහන සහ අධික ශබ්ද සහිත සයිලන්සර් සහිත වාහන සම්බන්ධයෙන් ද අද දිනයේ සිට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස පොලිසියට උපදෙස් ලබා දී ඇති බවද ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන සදහන් කළේය.

👁️ 1,820 Views

More News..

Advertise here