Advertise here

ග්‍රෑන්ඩ්පාස් වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැක දෙදෙනෙකු අත්අඩංගුවට

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 1,540 Views

පසුගිය 05 වැනිදා ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ මහවත්ත ඔර්ලෝසු කණුව අසලදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් සිදුකළ විමර්ශනයක් මත අදාළ සැකකරුවන් දෙදෙනා මෙම අපරාධය සඳහා ආධාර අනුබල දීමේ චෝදනාව මත ඊයේ (07) පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර වයස අවුරුදු 31 සහ 32 වයස්වල පසුවන අය බවද පොලීසිය පවසයි.

මෙම සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන ග්‍රෑන්ඩ්පාස් පොලීසිය විසින් සිදුකරනු ලබයි.

👁️ 1,540 Views

More News..

Advertise here