Advertise here

විස්සයි 20 ක්‍රිකට් තරගයෙන් ජය ශ්‍රී ලංකාවට

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 740 Views

සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි තෙවන විස්සයි20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 08ක අතිවිශිෂ්ට ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (7) සමත් විය.

ඒ අනුව තරග 3කින් යුත් තරගාවලිය තරග 2-1ක් ලෙස අවසන් කර තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකාවට හැකිවිය.

අද තරගයේ කාසියේ වාසිය හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට සිම්බාබ්වේ පිලට ආරාධනා කළා.

ඒ අනුව, පළමුවෙන් පන්දුවට පහරදුන් සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 08ක් දැවී ලකුණු 191ක් රැස් කළා.

විස්සයි20 තරගයකදී සිම්බාබ්වේ කණ්ඩායමෙන් හිමි වූ දැවැන්තම ඉලක්කය (ලකුණු 192) හිමිවුවත්, එය කඩුලු 2ක් පමණක් දැවී තිබියදී තරගයේ 18(17.2) වන පන්දුවාරයේ දී පසුකර යාමට ශ්‍රී ලංකාවට සමත් විය.

එහිදී අගනා ඉනිමක් ක්‍රීඩාකළ යොවුන් ක්‍රීඩක 24 හැවිරිදි කමිල් මිශාර නොදැවී ලකුණු 73ක් රැස්කිරීමට සමත් විය.

මෙහිදී කමිල්ට අගනා සහායක් දුන් කුසල් ජනිත් ද නොදැවී ලකුණු 46ක් රැස්කළේය.

ඔවුන් දෙදෙනා තෙවන කඩුල්ලට ලකුණු 117ක සබඳතාවක්ද පැවැත් වූ අතර, ඒ වෙනුවෙන් මුහුණදුන්නේ පන්දු 63කට පමණි.

ආරම්භක පිතිකරු යුගලය වූ පැතුම් නිස්සංක (33) හා කුසල් මෙන්ඩිස්ද (30) ශ්‍රී ලංකා ඉනිම දිනවීමට සාර්ථක ආරම්භයක් ලබාදුන්නේ පළමු කඩුල්ලට ලකුණු 58ක සබඳතාවක් පවත්වමිණි.

👁️ 740 Views

More News..

Advertise here