ජපාන අගමැති ෂිගේරු ඉෂිබා ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඔහු අද (07) එම තීරණ ගෙන ඇත්තේ,ලොව සිව්වන විශාලතම ආර්ථිකය නව දේශපාලන අවිනිශ්චිතතාවයකට ඇද දමමින්ය.
තම පාලක පක්ෂය තුළ භේදයක් ඇතිවීම වළක්වා ගැනීම සඳහා ඔහු මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි.
ජපාන අගමැති ඉෂිබා එරට වේලාවෙන් සවස 6 ට මාධ්‍ය හමුවක් පවත්වන බව සඳහන්ය.
👁️ 1,760 Views