Advertise here

පාසල් පැවැත්වෙන දිනයන්හී වේලාවන් දෙකකදී ඛනිජ ප්‍රවාහන කටයුතු අත්හිටුවයි

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 460 Views

ඛනිජ ප්‍රවාහන කටයුතු සිදුකිරීම පාසල් පැවැත්වෙන දිනවල උදෑසන 6.30 සිට 7.45 දක්වා සහ උදෑසන 11.30 සිට පස්වරු 2.30 දක්වා කාලය තුළ අත්හිටුවීමට පියවර ගත් බව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යංශය පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් දීපානී වීරකෝන් මහත්මිය පැවසුවේ මීට සති කිහිපයකට පෙර වැලි ටිපර් රථයක පාසල් වෑන් රථයක් ගැටී සිදුවූ අනතුරින් පසු පැවති සාකච්ඡාවලින් අනතුරුව මෙම තීරණය ගත් බවය.

මේ අනුව එම කාලසීමාවන් තුළ ඛනිජ ප්‍රවාහන කටයුතු සිදුකරනු ලබන වාහන මාර්ගයේ ඉඩඇති ස්ථානවල නවතා තැබිය යුතු වෙනවා.

ඇය පැවසුවේ දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හරහා මෙම දැනුවත් කිරීම් සිදුකර ඇති බවය.

👁️ 460 Views

More News..

Advertise here