Advertise here

කාලගුණයේ වෙනසක්

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 600 Views

ඉදිරි දින කිහිපයේදී  උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වල  සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් ඇතිවෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පනසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වල ප.ව. 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය. ඇතැම් ස්ථානවල මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකියි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර, සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් මස 07 දක්වා දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශවලට සෘජුවම ඉහළින් පවතී. 

මිරිස්ස, කඹුරුගමුව, මාතර, දෙවුන්දර, ගන්දර, සහ තලල්ල ප්‍රදේශවලට අද (07) දහවල් 12:08 ට හිරු මුදුන්ව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි. 

👁️ 600 Views

More News..

Advertise here