Advertise here

ඇල්ල මාරක රිය අනතුරෙන් මියගිය පිරිසගේ අවසන් කටයුතු හෙට

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 1,580 Views

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ මාරක රිය අනතුරින් දිවි අහිමි වූවන්ගේ අවසන් කටයුතු හෙට සිදු කිරීමට නියමිතයි.

එහිදී මියගිය තංගල්ල නගර සභාවේ සේවකයින් දස දෙනෙකුගේ සිරුරු අද පෙරවරුවේ තංගල්ල නගර සභා ශාලාව වෙත රැගෙන ආවේ ඔවුන්ගේ ඥාතීන් ඇතුලු එහි පැමිණි බොහෝ දෙනෙකුගේ සෝ සුසුම් මධ්‍යයේයි.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඇතුළු දේශපාලන නියෝජිතයින් පිරිසක්ද අද පෙරවරුවේ තංගල්ල නගර සභා ශාලාවට පැමිණ දේහ වෙත අවසන් ගෞරව දක්වා තිබුණා.

අනතුරුව මහා සංඝරත්නය එම ස්ථානයට වැඩම කර ආගමිකවතාවත් සිදුකරනු ලැබුවා.

අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සුඛෝපබෝගී ජීප් රථයේ රියැදුරු ඇප මත මුදාහැර තිබෙනවා.

ඒ ඔහු, බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

රුපියල් ලක්ෂ 10 ක ශරීර ඇප දෙකක් මත මුදාහැරණු මොහු බුත්තල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

👁️ 1,580 Views

More News..

Advertise here