ඊයේ (5) රාත්‍රී 11.45ට පමණ කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමකින් තරුණයෙක් මියගොස් තිබේ.
මහවත්ත ඔරලෝසු කණුව අසලදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇති බවයි පොලීසිය සදහන් කලේ.
වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, වෙඩිවැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ 26 හැවිරිදි කැලණිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්.
මේ අතර කොළඹ මරදාන ප්‍රදේශයේ පංචිකාවත්ත මාර්ගයේ පිහිටි බැංකුවක් ඉදිරිපිට අද (06) අලුයම 1.45ට පමණ තවත් වෙඩිතැබීමක් සිදුව තිබේ.
පොලීසිය සදහන් කරන පරිදි යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇත. තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව සඳහන්.