Advertise here

කාන්තාවක් තියුණු ආයුධකින් පහර දී ඝාතනය කෙරේ

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 360 Views

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙක් විසින් කාන්තාවකට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ රජාංගනය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 49ක් වන දෙදරු මවකි.

මීට මාස තුනකට පෙර අදාළ කාන්තාව සිය ස්වාමිපුරුෂයා සමඟ ඇති වූ ආරවුලක් හේතුවෙන් ඔහුගෙන් වෙන්ව තම මහගෙදරට පැමිණ ජීවත්ව සිට ඇති බව වාර්තා වේ.

ඇය ඊයේ රාත්‍රියේ දී නිවස ඉදිරිපසට වී දුරකථන ඇමතුමක් ලබා ගනිමින් සිටිය දී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් විසින් මෙසේ ඇයට තියුණු ආයුධයකින් පහර දී ඇත.

රාජාංගනය යාය 05 මූලික රෝහලට පහර කෑමට ලක්වූ කාන්තාව ඇතුළත් කර ඇති අතර රෝහලට රැගෙන යන විටත් ඇය මියගොස් සිටි බව සඳහන් වේ.

රාජාංගනය පොලීසිය මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

👁️ 360 Views

More News..

Advertise here