Advertise here

රිය අනතුරු දෙකකින් පුද්ගලයින් දෙදෙනෙකුට දිවි අහිමි වෙයි

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 260 Views

පුත්තලම ප්‍රදේශයේ සහ හුංගම පොලිස් වසමේ සිදුවූ රිය අනතුරු දෙකකින් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තිබේ.

ඊයේ (03) පුත්තලම පොලිස් වසමේ කල්අඩි ප්‍රදේශයේදී පුත්තලම සිට ආණමඩුව දෙසට ධාවනය වූ යතුරුපැදියක් මාර්ගයේ ගමන්කළ පැදිකයකුගේ ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් අවුරුදු 80ක කල්අඩි ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු මියගොස් යතුරුපැදිකරුද තුවාල ලබා පුත්තලම රෝහලට ඇතුළත් කර ඇත.

මෘත ශරීරය පුත්තලම මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බව පොලීසිය සඳහන් කරයි.

තවද, ඊයේ අලුයම හුංගම පොලිස් වසමේ රත්න නගරයේදී බුත්තල සිට මාතර දෙසට ධාවනය වූ වැලි පටවාගත් ටිපර් රථයක් රියදුරුට පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පෙරළීගොස් අනතුරක් සිදුව ඇත.

අනතුරින් ටිපර් රථයේ රියදුරු බරපතළ තුවාල ලබා තංගල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් තිබේ. මරණකරු අවුරුදු 44ක අකුරුගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අනතුරු සම්බන්ධයෙන් පුත්තලම සහ හුංගම පොලීස් එ්කක වැඩිදුර විමර්ශනය සිදුකරනු ලබයි.

👁️ 260 Views

More News..

Advertise here