Advertise here

හිස්වූ පාර්ලිමේන්තු අසුන විමල් කැටිපෙආරච්චිට..?

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 760 Views

හිටපු මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම මුදල් අමාත්‍යංශයේ ලේකම් ධුරයේ කටයුතු කිරීම සඳහා ඉල්ලා අස්වීමෙන් පසු හිස්වූ පාර්ලිමේන්තු අසුනට අයෙකු පත් කිරීමේ අවසන් තීරණය ගැනීම ජාතික ජනබලවේග ප්‍රධානීහු තවදුරටත් කල් දමා තිබේ.

මෙම මන්ත්‍රී ධුර පුරප්පාඩුව වෙනුවෙන්, මාධ්‍යවේදී විමල් කැටිපෙආරච්චි, ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම සහ නීතිඥ ලාල් විජේනායක යන නම් තුන යෝජනාවි තිබුනි. කෙසේ වෙතත් අවසන් වටයේ දී කැටිපෙආරච්චි සහ කුමරප්පෙරුම යන දෙදෙනා පමණක් ඉතිරිව තිබේ.

තවමත් අවසන් තීරනයකට එලබී නොමැති නමුත්, විමල් කැටිපෙආරච්චි වෙත මෙම මන්ත්‍රී ධුරය ලබා දීමේ වැඩි ඉඩකඩක් ඇති බවයි වාර්තා වන්නේ. පසුගිය මහමැතිවරණය ජාතික ජනබලවේගය නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වූ කැටිපෙආරච්චි මනාප 53161 ක් ලබාගත් අතර තේරී පත් නොවූ පිරිස අතර ඉදිරියෙන්ම සිටියි. විශාල ජනප්‍රසාදයක් දිනාගෙන සිටි චරිතයක් වූ විමල් කැටිපෙආරච්චි පරාජයට පත් වීම බොහෝ දෙනාගේ කතාබහටද ලක් විය.  ජාතික ජනබලවේගයේ ජනප්‍රිය නායකයෙකු වූ උපුල් කුමරප්පෙරුම මාතර දිස්ත්‍රික්කයන් ඉදිරිපත් වු අතර ඔහුටද මාතරින් අවශ්‍ය මනාප සංඛ්‍යාව ලැබ ගැන්මට නොහැකි වූ අතර එයද කතාබහට ලක් විය.

👁️ 760 Views

More News..

Advertise here