කූඨ ලේඛන සකස් කර කිරිබත්ගොඩ ප්‍රදේශයේ පිහිටි රජයේ ඉඩමක් අලෙවි කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු තුන්දෙනා ඇප මත මුදා හැරීමට ගම්පහ මහධිකරණය අද නියම කළා.
ඒ, මෙම නඩුව ගම්පහ මහධිකරණ විනිසුරු ඩබ්ලිව්.කේ.ඩී. විජේරත්න ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේදීයි.
ඒ අනුව සැකකරුවන් රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරිර ඇප 05ක් සහ රුපියල් ලක්ෂ දෙක බැගින් වූ මුදල් ඇප මත මුදාහරින ලෙසයි විනිසුරුවරයා නියෝග කළේ.
👁️ 5,080 Views