ඉරානය විසින් ඊශ්‍රායලයේ ටෙල්අවිව් වෙත එල්ල කරන ලද මිසයිල ප්‍රහාරයකින් Beersheba රෝහලේ සේවය කරමින් සිටි ශ්‍රී ලංකාවේ සාත්තු සේවිකාවකට තුවාල සිදුව තිබෙනවා.
ඉරෝශිකා චතුරංගනී නම් කාන්තාවක් එලෙස තුවාල ලබා ඇති බවයි ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර සඳහන් කළේ.
ඇය මේ වනවිය ප්‍රතිකාර සඳහා යොමු කර ඇති බවත්, ඇය සම්බන්ධයෙන් සොයා බැලීමට තානාපති කාර්යාලයේ කණ්ඩායමක් ඉක්මනින් පිටත් කර හැරීමට කටයුතු කළ බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
👁️ 540 Views