Advertise here

ඉරානයෙන් ඊශ්‍රායලයට ඊයේ රාත්‍රියේ බැලැස්ටික් මිසයිල වැස්සක්

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 440 Views

ඊශ්‍රායලයේ ප්‍රහාරවලට පළිගැනීමක් ලෙස ඉරානය විසින් ඊශ්‍රායලයට ඊයේ (13) රාත්‍රියේ බැලැස්ටික් මිසයිල ප්‍රහාර එල්ල කර තිබෙනවා.

ඊශ්‍රායලය එල්ලකල ප්‍රහාරවලට පළිගැනීමක් ලෙස දැඩි පහරවල් එල්ල කරන බවට ඉරාන උත්තරීතර නායකයා දිවුරුම් දෙන විට ඉරානය ඊශ්‍රායලයට මෙම බැලස්ටික් මිසයිල ප්‍රහාරය දියත්කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ.

මෙම මිසයිල ප්‍රහාර වලින් ඊශ්‍රායලයේ ටෙල් අවිව්හි අහස උසට කළු දුමාරයක් නැඟී අ බවත් ජෙරුසලමේ පිපිරීමක් ඇසුණු බව බීබීසීය පවසනවා.

ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායල රෝහල්වල හතළිස් දෙනෙකුට වැඩි පිරිසක් ප්‍රතිකාර ලබන අතර, ඉන් දෙදෙනෙකු බරපතල තත්ත්වයේ පසුවන බව වාර්තා වේ.

ඊයෙ දිනයේ (13) අලුයම් කාලයේ ඊශ්‍රායලය ඉරානයේ අගනුවරට පහර දුන් අතර, එය රටේ න්‍යෂ්ටික වැඩසටහන ඉලක්ක කර ගත් අතර, අවම වශයෙන් ඉරානයේ ඉහළම හමුදා නිලධාරීන් දෙදෙනෙකු සහ ඉහළම න්‍යෂ්ටික විද්‍යාඥයින් හයදෙනෙකු ඝාතනයට ලක් වුණා.

👁️ 440 Views

More News..

Advertise here