බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කළ, බන්ධනාගාර අධිකාරී ගාමිණී බී දිසානායක මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය වැඩබලන බන්ධනාගාර කොමසාරිස්වරයා වෙත යොමු කර ඇත.
ජනාධිපති සමාව අවභාවිතා කරමින්, අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියෙකු නිදහස් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට විමර්ශනයක් ක්‍රියාත්මක අතර, ඒ අතරතුර මෙලෙස මාධ්‍ය ප්‍රකාශකවරයා ඉල්ලා අස්වීම භාරදී තිබෙනවා.
ඒ අනුව දිවයින පුරා බන්ධනාගාර අධිකාරී තනතුරුවල වෙනස්කම් රැසක් සිදුකිරීමට නියමිතය.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා වැඩතහනමට ලක්කිරීමත් සමඟ එහි වැඩබැලීම අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු වන නිශාන් ධනසිංහ මහතාව පත් කර ඇත.
👁️ 480 Views