72 වැනි ලෝක රූ රැජින තරගය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළ අනුදි ගුණසේකර අද යළි දිවයිනට පැමිණ තිබේ.
ලොව පුරා රටවල් 108ක තරගකාරිණියන් සහභාගීත්වයෙන් පසුගියදා ආරම්භ වූ ලෝක රූ රැජිණ තරගාවලිය විවිධ අංශ යටතේ පැවැත්විණි.
එහි අවසන් මහා තරගය පසුගිය මැයි මස 31 වැනිදා ඉන්දියාවේ තෙලඟනා හි හයිද්‍රාබාද් නුවර දී පැවැත්වුණි.
එම තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් තරග කළ අනුදි අවසන් 40 දෙනා අතර පිවිසීමේ හැකියාව අහිමි විය.
72වැනි ලෝක රූ රැජින තරගාවලියේදී පසුගිය දා පැවැති තරගවලින් කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට අනුදි ගුණසේකර සමත්වූ අතර හෙඩ් ටු හෙඩ් සහ මල්ටිමීඩියා අංශවල අවසන් වටයන් සඳහා සුදුසුකම් ලබාගැනීමට ඇය සමත් වුවාය.


👁️ 560 Views