Advertise here

කලා පොළ 2025 –  ශ්‍රී ලාංකික දෘෂ්‍ය කලා ප්‍රදර්ශනයේ අභිමානවත් 32වන වසර

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 1,380 Views

රී ලංකාවේ වාර්ෂික එළිමහන් කලා ප්‍රදර්ශනය වන කලා පොළ 2025, කලාකරුවන් හා ප්‍රේක්ෂකයන් වෙත සුවිශේෂී අත්දැකීමක් එක් කරමින්, පසුගිය දා ආනන්ද කුමාරස්වාමි මාවතේ (ග්‍රීන් පාත්) දී පැවැත්විණි.

ජෝර්ජ් කීට් පදනමේ සහ ජෝන් කීල්ස් සමූහයේ දීර්ඝ කාලීන සම ඉදිරිපත් කිරීමක් වන කලා පොළ 2025 හරහා ලියාපදිංචි කලාකරුවන් හා මූර්ති ශිල්පීන් 394ක කලා හැකියාවන් ප්‍රේක්ෂකයන්, ගැනුම්කරුවන්, කලා ක්ෂේත්‍රයේ විශේෂඥයන් හා කලා සිසුන් දහස් ගණනක් වෙත ප්‍රදර්ශනය කෙරිණි. උණුසුම් සහිත කාලගුණය නොතකා මෙම අද්විතීය කලා නිර්මාණ නැරඹීමට හා මිල දී ගැනීමට සුවිසල් ජනකායක් සහභාගී විය.

2025 වසරේ කලා පොළ,  ශ්‍රී ලංකාවේ දෘෂ්‍ය කලා ප්‍රජාවගේ ජීවනෝපායයන් ඉහළ නැංවීමේ වේදිකාවක් බව තවදුරටත් තහවුරු කරමින් එහිදී සිදු කරන ලද නිර්මාණ අලෙවි කිරීම් ඔස්සේ, රුපියල් මිලියන 54ක සමස්ත වටිනාකමක් වාර්තා කර තිබේ. (නව නිර්මාණ සඳහා ලබා දුන් ඇණවුම්වල වටිනාකම මෙම අගයට ඇතුළත් නැත)

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ගරු ඇන්ඩෲ පැට්‍රික් මහතා මෙහි නිල උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර, ජෝර්ජ් කීට් පදනමේ සභාපති මාලක තල්වත්ත මහතා සහ ජෝන් කීල්ස් සමූහයේ සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා සහ සමූහයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වයේ සාමාජිකයින් විසින් ඔහුව උත්සවය සඳහා පිළිගනු ලැබීය. 

නිල උත්සවය ආමන්ත්‍රණය කරමින්, මාලක තල්වත්ත මහතා, ” දශක තුනකට ආසන්න කාලයක් මුළුල්ලේ ශ්‍රී ලාංකික කලාකරුවන්ගේ දියුණුව හා සුභසෙත වෙනුවෙන් කලා පොළ වටිනා වේදිකාවක් සපයා තිබෙනවා. ජෝන් කීල්ස් සමූහයේ අඛණ්ඩ සහයෝගයට ස්තූතිවන්ත වන්නට, කලාකරුවන්ට ඔවුන්ගේ කුසලතා ප්‍රදර්ශනය කිරීමටත්, පාරිභෝගිකයන් සමඟ සම්බන්ධ වීමටත් කලා පොළ සෑම විටම අනගි අවස්ථාවක් ලබා දෙනවා.” යනුවෙන් සිය අදහස් දැක්වීය. ජෝන්  කීල්ස් සමූහයේ හිටපු සභාපති හා ජෝජ් කීට් පදනමේ උප සභාපති වූ  දිවංගත දේශමාන්‍ය කේන් බාලේන්ද්‍ර මහතා වෙත පුදන ගෞරවයක් වශයෙන්, “හොඳම කලා පොළ කලාකරුවා” වෙනුවෙන් වාර්ෂික සම්මානයක් ලබන වසරේ කලා පොළ තුළින් ලබා දෙන බවට තල්වත්ත මහතා නිවේදනය කළේය.

ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ගරු ඇන්ඩෲ පැට්‍රික් මහතා,  “මෙම කලා පොළ,  ශ්‍රී ලංකාවේ කලාකරුවන් විශාල සංඛ්‍යාවකට ජීවන වෘත්තීන් ආරම්භ කිරීමට සහය දී ඇති බව මා දන්නවා. මෙවැනි වේදිකාවක් නොමැතිව කලාකරුවන්ට ඉදිරියට යාමට අවස්ථා ලබා ගැනීම ඉතා අපහසුය. ඒ නිසා මේ කලා පොළ සැබැවින්ම දැවැන්ත ජයග්‍රහණයක්. කලා පොළ කලාකරුවන් සඳහා සුවිශේෂී අවකාශයක් නිර්මාණය කර තිබෙනවා.” යනුවෙන් සිය අදහස් දැක්වීය.

ශ්‍රී ලාංකික කලාවට සහ සංස්කෘතියට සහාය වීම සඳහා ජෝන් කීල්ස් සමූහයේ කැපවීම නැවත තහවුරු කරමින්, ජෝන් කීල්ස් සමූහයේ ආයතනික සමාජ වගකීම් අංශයේ ප්‍රධානී කාමෙලින් ජයසූරිය මහත්මිය පැවසූවේ, “මෙම වසරේ පැවති කලා පොළ, 400කට අධික කලාකරුවන්ගේ සහභාගීත්වයෙන් වර්ණවත් වූ අතර මෙය කලා පොළ ඉතිහාසයේ විශාලතම කලාකරුවන්ගේ සහභාගීත්වය ලෙස වාර්තා වීම සතුටට කරුණක්. කලාකරුවන්ගේ ජීවනෝපායන් නංවාලීම, නිර්මාණාත්මක ප්‍රකාශනය සහ සමාජ සංවාදය ප්‍රවර්ධනය කිරීම මෙන්ම, ශ්‍රී ලංකාවේ නිර්මාණාත්මක ආර්ථිකයේ වර්ධනයට සහාය වීම සඳහා අපගේ උත්සාහයයන්ගේ  මූලික පදනම ලෙස කලා පොළ පවතියි. The Sri Lankan Art Gallery මාර්ගගත වේදිකාව වැනි සහායක මුලපිරීම් හරහා, කලාකරුවන්ට වසර පුරා දෘශ්‍යතාව සහ වර්ධනය සඳහා අවස්ථා වෙනුවෙන් ප්‍රවේශය ඇති බව සහතික කිරීමට අපි කැප වී සිටිනවා” යනුවෙන් සිය අදහස් දැක්වීය.

ජෝන් කීල්ස් පදනමේ අඛණ්ඩ උත්සාහයන් සමඟින්, ජෝන් කීල්ස් සමූහයේ ස්වේච්ඡා සේවකයින් 220කට අධික පිරිසකගේ සහයෝගයෙන්,  ශ්‍රී ලංකාවේ පොහොසත් සංස්කෘතිය, කලා නිර්මාණ සහ ප්‍රජාව ප්‍රදර්ශනය කිරීමේ මෙහෙවර කලා පොළ වෙතින් ඉදිරියටම කර ගෙන යයි. ශ්‍රී ලංකාවේ කලාකරුවන්ට, විශේෂයෙන්ම ඔවුන්ගේ නැගී එන දක්ෂතා හා  දිගු කාලීන ආර්ථික ශක්‍යතාව ප්‍රදර්ශනය කිරීම සඳහා සුවිශේෂී වේදිකාවක් ලබා දෙමින් කලා පොළ අපේක්ෂාවේ කිරණ වර්ණ ගන්වයි.

ජෝන් කීල්ස් හෝල්ඩින්ස් පීඑල්සී හා ජෝන් කීල්ස් පදනම පිළිබඳව

සමාජ සෞඛ්‍යය හා සහජීවනය යනු ජෝන් කීල්ස් හෝල්ඩින්ස් පීඑල්සී හි ආයතනික සමාජ සත්කාර අංශය වන ජෝන් කීල්ස් පදනමේ අවධානය යොමුවන ප්‍රධාන අංශයක් වන අතර කලාව සහ සංස්කෘතිය ඒ යටතට අයත් වේ. කොළඹ කොටස් වෙළඳ පොළේ විශාලතම ලැයිස්තුගත සමාගම වන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සී විවිධාංගීකෘත කර්මාන්ත අංශයන් 7ක පවතින සමාගම් 80කට වැඩි ප්‍රමාණයක් මෙහෙයවනු ලබයි. වසර 150කට වැඩි ඉතිහාසයක් පවතින JKH ආයතනය සේවක සේවිකාවන් 15,000 කට අධික පිරිසකට රැකියාවන් ලබා දෙන අතර වසර 19 ක් පුරා ශ්‍රී ලංකාවේ වඩාත් ගෞරවනීය ආයතනය ලෙස LMD සඟරාව මගින් ශ්‍රේණිගත කර ඇත. ‘ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා’ විසින් සිදු කරන ලද ආයතනික වාර්තාකරණයේ විනිවිද සමාජභාවය ඇගයීමේ සමීක්ෂණයේදී ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සී අඛණ්ඩව සිව්වන වසරටත් ප්‍රථම ස්ථානයට පත් විය. ලෝක ආර්ථික සංසදයේ පූර්ණ සාමාජිකයෙකු සහ එක්සත් ජාතීන්ගේ ගෝලීය සංයුක්තයේ සහභාගිකයෙකු වන ජෝන් කීල්ස්, ජෝන් කීල්ස් පදනම හරහා සහ සමාජ ව්‍යවසායකත්ව මුලපිරීම හරහා “බලගන්වමු දේශය හෙට දිනට” පිළිබඳ දැක්ම මෙහෙයවන අතර, Plasticcycle සමාජ ව්‍යවසායකත්ව වැඩසටහන හරහා ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් දූෂණය සැලකිය යුතු ලෙස අඩු කිරීමේ උත්ප්‍රේරකයක් ලෙසින් ද ක්‍රියා කරයි.

👁️ 1,380 Views

More News..

Advertise here