විදුලි ගාස්තු අඩු කරන්නේද නැතහොත් වැඩි කරන්නේද යන්න පිළිබඳව තමාට කිසිදු අදහසක් නොමැති බව ප්‍රවාහන, මහාමාර්ග සහ වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක තහවුරු කරයි.
විදුලි ගාස්තු අඩු කිරීමට හෝ වැඩි කිරීමට රජයට අයිතියක් නොමැති බවත්, විදුලි ගාස්තු තීරණය කිරීමේ පරම අයිතිය මහජන උපයෝගිතා කොමිසමට ඇති බවත් ඔහු පවසයි.
නමුත් වත්මන් තත්ත්වය යටතේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විදුලි ගාස්තුව සඳහා පිරිවැය පිළිබිඹු කරන මිලක් ස්ථාපිත කළ යුතු බවට යෝජනා කර ඇති බව ඔහු පැවසීය.
👁️ 1,400 Views