පාතාල නායක කංජිපානි ඉම්රාන්, පොලිස්පති ධුරයෙන් අත්හිටුවන ලද දේශබන්දු තෙන්නකෝන් ඝාතනය කිරීමට සැලසුම් කර ඇති බව පොලිසිය දැනුම් දී ඇති බව වාර්තා වේ.
ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු විසින් දේශබන්දු තෙන්නකෝන් මහතාට මේ පිළිබඳව දැනුම් දී ඇති බව ද වාර්තා වේ.
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරයට පත් කිරීමෙන් පසු ඔහුට පෙර තිබූ ආරක්ෂාව ඉවත් කරන ලද අතර ඇප මත නිදහස් කිරීමෙන් පසු පෙර තිබූ ආරක්ෂාව මෙතෙක් සපයා දී නැති බවද සඳහන් වෙයි.
👁️ 960 Views