අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ. වයස අවුරුදු 88ක් වූ උන්වහන්සේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි නිවසේදී අභාවප්‍රාප්ත වූ බව වතිකානය අද නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් පාප්වහන්සේ පසුගිය මාස කිහිපය පුරා රෝහල්ගතව සිටි අතර එම තත්ත්වයෙන් සුවය ලබා උන්වහන්සේ නැවතත් සිය නිවසට පැමිණියේ මෑතකදීය.
ඊයේ (20) දිනයේ දී වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේදී පැවැති පාස්කු දේව මෙහෙයටද පාප්වහන්සේ සහභාගී වූ අතර එය උන්වහන්සේගේ අවසන් මහජන පෙනී සිටීම විය.
👁️ 1,360 Views