Advertise here

ගුරු සංවර්ධන නිලධාරීන් ලෙස කටයුතු කළ පත්වීම් ලබාදීමට කටයුතු කරන්න – සජිත් ප්‍රේමදාස

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 3,120 Views

ලක්‍ෂ 41 කට වැඩි පාසල් දරුවන් පිරිසට නිදහස් අධ්‍යාපනය ලබාදීමට 22,000 ක් පමණ වූ ගුරු සංවර්ධන නිලධාරීන් කටයුතු කළ බවත් ඒ අතරින් මේ වනවිට ඉතිරිව සිටින්නේ 16,600 ක් පමණක් බවත් සෙසු අය කලකිරීම නිසාම ඉවත් වී ගිය බවත් විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

ජනාධිපති කාර්යාලය ඉදිරිපිටදී නිහඬ විරෝධතාවයක නිරතව සිටි ගුරු සංවර්ධන නිලධාරීන් ඇතුළු රැකියා විරහිත උපාධිධාරීන් ඊයේ (17දා) හමුවූ අවස්ථාවේදී විපක්‍ෂ නායකවරයා මේ බව කීය.

මැතිවරණ සමයේ දුන් පොරොන්දු කඩ නොකර 16,600ක් වූ ගුරු සංවර්ධන නිලධාරීන්ට ගුරු සේවයේ පත්වීම් ලබාදීමට කටයුතු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටි ඒ මහතා කතිරය ගැනීමට ආණ්ඩුව බොරු පොරොන්දු දුන් බවත් පැවැසීය.

👁️ 3,120 Views

More News..

Advertise here