Advertise here

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවුලේ සාමාජිකයින්ට එරෙහි නඩු තුනක අධි චෝදනා භාරදෙයි

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 1,140 Views

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ පුත් රමිත රඹුක්වැල්ල, දියණිය ඇතුළු විත්තිකරුවන් හතර දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩු දෙකක් සඳහා අධි චෝදනා භාරදී තිබෙනවා.

ඒ, කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් ඉදිරියේදීයි.

කෙහෙළිය රඹුක්වැල්ල, රමිත රඹුක්වැල්ල, දියණිය වන අමාලි නයනිකා රඹුක්වැල්ල සහ ඔවුන්ගේ සේවිකාවක වන නිපුණී ක්‍රිෂ්ණජිනා යන අයට එරෙහිව ගොනුකර තිබූ නඩු දෙකකට අදාළවයි එලෙස අධි චෝදනා භාරදී ඇත්තේ.

අනතුරුව ඔවුන් ඇප මත මුදාහැරීමට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා එම නඩු දෙක ජනවාරි මස 12 සහ 14 යන දිනවල කැඳවන ලෙස නියෝග කළා.

මේ අතර හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ ඔහුගේ පුත් රමිත රඹුක්වැල්ලට එරෙහිව තවත් නඩුවක් සඳහා එහිදී අධි චෝදනා භාරදීම සිදුකළ අතර ඉන් අනතුරුව ඔවුන් ඇප මත මුදා හැරීමටයි නියෝග කෙරුණේ.

එම නඩුව යළි පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ජනවාරි මස 20 වන දා කැඳවීමටද නියෝග කළා.

මෙම නඩු ගොනු කර ඇත්තේ අමාත්‍යවරයෙක් වශයෙන් කටයුතු කරමින් සිටි කාලසීමාව තුළ අයථා ලෙස වත්කම් හා දේපළ අත්පත් කර ගැනීමේ සිද්ධීන් සම්බන්ධයෙන් බව වාර්තා වනවා.

👁️ 1,140 Views

More News..

Advertise here