Advertise here

අයවැයේදී විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාව පිළිබඳව අවධානය යොමුකර නමුත් ඔවුන්ට උගන්වන ගුරුවරුන්ගේ දීමනාව අඩු කරලා – ජෝසප් ස්ටාලින්

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 1,160 Views

විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාව පිළිබඳව අවධානය යොමුකර ඇතැයි අයවැයේදී ප්‍රකාශ කළද විශේෂ අධ්‍යාපන අවශ්‍යතා සහිත දරුවන්ට පූර්ණකාලීනව ඉගැන්වීම් සිදුකරන ගුරුවරුන්ගේ ධෛර්ය දීමනාව සියයට 10 සිට සියයට 06 දක්වා අඩුකර ඇතැයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවැසීය.

විශේෂ අධ්‍යාපන අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් පූර්ණ කාලීනව ඉගැන්වීම් කටයුතු කරන ගුරුවරුන්ගේ ධෛර්යය දීමනාවන් 10% සිට 6% දක්වා අඩු කිරීමේ තීරණයක් පිළිබඳව චක්‍රලේඛයක් අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නිකුත් කර තිබෙන බවද ඔහු කීය. අංක ED/9රැ18/8/2 යටතේ 2025.11.06 දින නිකුත් කළ මෙම ලිපිය මගින් පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂවරුන් සහ පළාත් ප්‍රධාන ගණකාධිකාරීවරුන් අමතා උපදෙස් ලබාදී ඇත්තේ 2015 මාර්තු මස සිට 10% දීමනාව 6% දක්වා අඩු වන බැවින් මේ දක්වා වැඩිපුර මුදලක් ගෙවා ඇත්නම් එම මුදල් නැවත අයකර ගන්නා ලෙස දැනුම් දී ඇතැයි ද ස්ටාලින් මහතා කීය.

2026 සඳහා වූ අයවැය යෝජනාවේදී ජනාධිපතිවරයාගේ ප්‍රකාශය තුළ ආබාධ සහිත ප්‍රජාව පිළිබඳව විශේෂ අවධානයක් යොමුව තිබිණි. ආබාධ සහිත පුරවැසියන් රැකියාගත කිරීම සඳහා රුපියල් මිලියන පන්සියයක්, දිවා සුරැකුම් මධ්‍යස්ථාන සඳහා රුපියල් මිලියන් 547ක් සහ තවත් මිලියන පන්සියයක් වෙන් කර තිබේ.

2025.03.25 දිනැති 10/2025 චක්‍රලේඛයට අනුව සිදුවූ වැටුප් පරිවර්ථනය සැළකිල්ලට ගෙන සිදු කළ බව පැවැසුවද දුෂ්කර දීමනාව, විදුහල්පති දීමනාව වැඩි කර ඇති බවද ඔබේ අවධානයට යොමු කරමු. විවිධ දීමනා අධ්‍යාපනයට අදාළ පිරිස්වලට ලබාදී තිබිය දී විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් කටයුතු කරන ගුරුවරුන්ගේ දීමනා කප්පාදු කිරීම බලවත් අසාධාරණයක් බවද ඔහු අවධාරණය කර සිටියේය.

👁️ 1,160 Views

More News..

Advertise here