ඊශ්‍රායලයේදී තියුණු ආයුධයකින් පහර දී ශ්‍රී ලාංකිකයෙකුගේ ගෙල කපා ඝාතනය කර තිබෙනවා.
ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පැවසුවේ 38 හැවිරිදි ගාල්ල ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙක් එලෙස ඝාතනය කර ඇති බවයි.
පසුගිය සැප්තැම්බර් මාසයේදී ඔහු ඊශ්‍රායලයට පැමිණ ඇති අතර ඉදිකිරීම් සේවා අංශයේ වඩු කාර්මිකයෙකු ලෙස කටයුතු කර තිබුණි.
තවත් පුද්ගලයෙකු සමග ඇතිවූ ගැටුමක් හේතුවෙන් ඝාතනය සිදුව තිබෙනවා.
සිද්ධියට සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර මෙතෙක් ඔහුගේ අනන්‍යතාවය හෙළි කර නැහැ.
👁️ 6,260 Views