Advertise here

පොළොන්නරුව ප්‍රදේශයේදී සීයා පැදවු ට්‍රැක්ටරයක් පෙරළී මුණුබුරා ජිවිතක්ෂයට

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 5,760 Views

පොළොන්නරුව මනම්පිටිය මලියදේවපුර ප්‍රදේශයේදී සීයා පැදවු ට්‍රැක්ටරයක් පෙරළී ඊට යට වී වයස අවුරුදු පහළොවක පිරිමි දරුවකු ඊයේ (14) රාත්‍රී මියගොස් ඇතැයි මනම්පිටිය පොලිසිය පවසනවා.

මෙම අනතුරින් තුවාල ලැබූ සීයා ද රෝහල්ගත කර ඇතැයි පොලිසිය සඳහන් කරනවා.

මෙලෙස මියගොස් ඇත්තේ, අංක 03 දෙවන පියවර, මලියදේවපුර, මනම්පිටිය ලිපිනයේ පදිංචි ආර්. ජේ. එම්. අශේන් යොමාර නමැති වයස අවුරුදු 15 ක් වූ පිරිමි දරුවක්.

මෙම දරුවා තම සීයා සමඟ කුඹුරට ගොස් ඊයේ (14) රාත්‍රී 7.30ට පමණ එමෙන් සිටියදී ට්‍රැක්ටරය පෙරළීමෙන් දරුවා ඊට යට වී ඇති අතර සීයා ද බරපතල තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසනවා.

මනම්පිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පී. ජී. එස්. ජි. ආරියරත්න ප්‍රමුඛ නිලධාරීන් කණ්ඩායමක් මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරනවා.

👁️ 5,760 Views

More News..

Advertise here