Advertise here

ගෙලිඔය, කරමඩ ප්‍රදේශයේ රිය අනතුරෙන් කාන්තාවක්  මරණයට

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 2,540 Views

පේරාදෙණිය පොලිස් බල ප්‍රදේශයට අයත් ගෙලිඔය, කරමඩ ප්‍රදේශයේ ඊයේ (12) දහවල් සිදු වූ රිය අනතුරෙන් කාන්තාවක්  මරණයට පත්ව තිබේ.

මෙම අනතුර ඊයේ ප.ව. 1ට පමණ සිදු වූ අතර, එහිදී මරණයට පත්ව ඇත්තේ කරමඩ ප්‍රදේශයේ පදිංචිකාරියක වන 35 හැවිරිදි එක්දරු මවක්ය.

එමෙන්ම මෙම අනතුරෙන් තුවාල ලැබූ ඇගේ දියණිය හා තවත් පුද්ගලයෙකු මේ වනවිට පේරාදෙනිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

නුවරඑළිය සිට කොළඹ දක්වා අධික වේගයෙන් ධාවනය වූ පුද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවත නවතා තිබූ ත්‍රීරෝද රථයක ගැටී, සිය නිවසේ පවත්වාගෙන ගිය වෙළෙසැලක ගැටී මෙම අනතුර සිදුවිය.

එහිදී වෙළෙඳසැලේ සිටි කාන්තාවක් මෙලෙස මරණයට පත්ව ඇති අතර, එම අවස්ථාවේ එහි සිටි ඇගේ සය හැවිරිදි දැරිය ද තුවාල ලැබීය.

එමෙන්ම අනතුරට ලක් වූ ත්‍රිරෝද රථයේ රියදුරාද බරපතළ තුවාල ලබා ඇත.

බස් රථයේ රියදුරා මේ වනවිට පොලිස් භාරයට ගෙන ඇති අතර, පේරාදෙණිය පොලීසියේ රථ වාහන අංශය අනතුර පිළිබඳව පරීක්ෂණ පවත්වයි.

👁️ 2,540 Views

More News..

Advertise here