Advertise here

බලංගොඩ ප්‍රදේශයේ ලොරි රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් අනතුරක්

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 2,440 Views

ෆයිනස් ගස් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

මාර්ගයෙන් අඩි 15ක් පමණ පහළ පිහිටි තේ වත්තට ලොරිය පෙරලී ඇති බවයි බගවන්තලාව පොලිසිය පැවසුවේ.

ලොරි රථයේ රියදුරා සහ රිය සහයකයා අනතුර සිදුවන අවස්ථාවේ ලොරි රථයෙන් ඉවතට පැන දිවි ගලවා ගෙන ඇති බවයි බගවන්තලාව පොලිසිය පවසන්නේ.

බලංගොඩ, බගවන්තලාව මාර්ගයේ කැම්පියන් වත්ත ප්‍රදේශයේදී අනතුර සිදුව තිබෙනවා.

බලංගොඩ මාරතැන්න ප්‍රදේශයේ සිට මහනුවර දක්වා මෙම ලොරි රථය ධාවනය කර තිබෙන බවයි පොලිසිය සඳහන් කළේ.

👁️ 2,440 Views

More News..

Advertise here