Advertise here

දිල්ලි අගනුවර පිපිරීමෙන් මියගිය ගණන 09 දක්වා ඉහළට

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 2,740 Views

‍ඉන්දියාවේ නවදිල්ලි අගනුවර ඵෙතිහාසික රතු බලකොටුව ආසන්නේ මෝටර් රථයක් තුළ සිදුවූ පිපිරීමෙන් පුද්ගලයින් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ (10) පස්වරු 06.52ට පමණ රතු බලකොටුව අසල මෙට්‍රෝ දුම්රිය ස්ථානයට පිවිසෙන මාර්ගයේ රථවාහන සංඥා කණුවක් අසල මෙම පිපිරීම සිදුව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

අධිබලැති පුපුරණ ද්‍රව්‍ය අටවා තිබූ මෝටර් රථයක් මෙලෙස පිපිරීමට ලක්ව ඇති අතර පිපිරීමෙන් පුද්ගලයින් 20 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව ද වාර්තා වේ.

ඉන්දියාවේ ප්‍රමුඛතම ත්‍රස්ත විමර්ශන ආයතනය වන ජාතික විමර්ශන ඒජන්සිය සහ ජාතික ආරක්ෂක බලකාය මෙම පිපිරීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව වාර්තා වේ.

මෙම පිපිරීමත් සමග මුම්බායි, කොල්කටා, බැංගලෝර්, ජායිපූර්, හර්යානා, පන්ජාබ්, හයිද්‍රාබාද් සහ උත්තර් ප්‍රදේශ් වල ආරක්ෂාව තර ඇති අතර ඉන්දියාවේ සියලුම දුම්රිය ස්ථානවල සහ ගුවන් තොටුපොළවල විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ.

මේ අතර මෙම පිපිරීම සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ අදාළ සිදුවීම සැලවූ සැනින් තමන් මහත්සේ කම්පනයට පත්වූ බවය.

මේ අතර නවදිල්ලි අගනුවර සිට කිලෝමීටර් 50ක් පමණ දුරින් පිහිටි හර්යානාහි ෆරීදාබාද් ප්‍රදේශයේ තිබී පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2,900ක් පසුගිය 9 වන දින සොයාගෙන ඇති බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

👁️ 2,740 Views

More News..

Advertise here