Advertise here

තලාව ප්‍රදේශයේ දී සිදුවු බස් රථ අනතුරින් සාමාන්‍ය පෙළ සිසුවෙකු ජිවිතක්ෂයට

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 3,940 Views

අද (10) දහවල් තඹුත්තේගම, තලාව, ජයගඟ හන්දිය ප්‍රදේශයේ දී සිදුවු බස් රථ අනතුරින් මියගිය පාසල් සිසුවා සාමාන්‍ය පෙළ සිසුවෙකු බව පොලීසිය පවසයි.

එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, 16 හැවිරිදි හඟුරක්කෙත, තලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අනතුරින් බස් රථයේ ගමන් ගත් 39 දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා තලාව සහ අනුරාධපුර රෝහල්වලට ඇතුළත් කර ඇත.

මියගිය සිසුවාගේ මෘත ශරීරය අනුරාධපුර රෝහලේ තැන්පත්ක ඇති අතර, අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේ, තඹුත්තේගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන බවය.

👁️ 3,940 Views

More News..

Advertise here