Advertise here

බිරිදට පොල්ලකින් ගසා බිරිද මියගිය පසු සැමියා සියදිවි නසාගෙන

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 4,500 Views

සිය බිරිඳට දොර පොල්ලකින් පහරදී මරාදැමීමේ සිද්ධියකට අදාළ පුද්ගලයකු ගෙල වැලලාගෙන සියදිවි නසාගෙන ඇතැයි ඇල්පිටිය පොලිසිය පවසනවා.

මෙලෙස සියදිවි නසාගෙන ඇත්තේ අනුරුද්ධගම, කරන්දෙණිය පදිංචි එච්. ජයරත්න (43) නමැත්තෙක්.

බිරිඳ සමඟ ඇතිකරගත් ආරවුලකදී මරණකරු, ඉකුත් 27 වැනිදා නිවෙසේ දොර පොල්ලෙන් ඇයට පහරදී තුවාල සිදුකර ඇති බවත් එහිදී බරපතල තුවාල ලැබූ එම කාන්තාව ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (09) මියගොස් ඇති බවත් පොලිසිය පවසනවා.

රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි සිය බිරිය මියගිය පුවත ආරංචි වී ඇති එම පුද්ගලයා නිවෙසේ පිටුපස ගසක එල්ලී සිය දිවි නසාගෙන තිබූ බවද පොලිසිය සඳහන් කරනවා.

මෙම සිද්ධියෙන් රෝහල්ගතව සිට මරණයට පත්ව තිබුණේ එන්. කේ. කුමුදු කල්‍යානි (46) නමැත්තියක්.

සිද්ධිය සම්බන්ධයෙන් ඇල්පිටිය පොලිසිය පරීක්ෂණ පවත්වනවා.

👁️ 4,500 Views

More News..

Advertise here