Advertise here

නීතිවිරෝධී ලෙස ඉන්දියාවට ඇතුළු වූ ශ්‍රී ලාංකිකයෙකු තමිල්නාඩු රාමේෂ්වරම් පොලීසිය මගින් අත්අඩංගුවට

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 4,080 Views

නීතිවිරෝධී ලෙස ඉන්දියාවට ඇතුළු වූ ශ්‍රී ලාංකිකයෙකු තමිල්නාඩු රාමේෂ්වරම් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

තමිල්නාඩුවේ ශ්‍රී ලාංකික සරණගාතයින් සඳහා වන කඳවුරක රැදී සිටින සිය බිරිඳ ඇතුළු ඥාතීන් හමුවීම සඳහා යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 34 හැවිරිදි ඔහු, මෙලෙස පැමිණ ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

එම පුද්ගලයා ද අදාළ සරණාගත කඳවුරේ රැදී සිට ඇති අතර මීට වසර දෙකකට පමණ පෙර ඔහු නීත්‍යානුකූලව ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ඉන්දීය ආරක්ෂක අංශ සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

රාමේෂ්වරම් පොලිසියට ලද තොරතුරක් මත මණ්ඩපම් සරණාගත කඳවුර අසල උද්‍යානයක රැදී සිටියදී මෙසේ ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

සැකකාර ශ්‍රී ලාංකිකයා එරට අධිකරණයක් වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

👁️ 4,080 Views

More News..

Advertise here