Advertise here

මැදවච්චිය රිය අනතුරකින් කාන්තාවක් ජිවිතක්ෂයට

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 4,680 Views

මැදවච්චිය, රඹෑව A9 මාර්ගයේ සංගිලිකනදරාව ප්‍රදේශයේදී අද (07) සිදු වූ රිය අනතුරකින් කාන්තාවක් මියගොස් තිබේ.

ලොරි රථයක් හා ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ පදවිය බෝගස් හංදිය ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි දෙදරු මවකි.

ත්‍රීරෝද රථය තුළ අනතුර වන අවස්ථාවේ ඇයගේ සැමියා සහ දියණිය සිට ඇති අතර ඔවුන් ද සුලු තුවාල ලබා තිබේ.

මෙම අනතුර ලොරි රථයේ රියදුරුට නින්ද යාම හේතුවෙන් සිදුව ඇති බව මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ලොරි රථයේ රියදුරු මැදවච්චිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

👁️ 4,680 Views

More News..

Advertise here