Advertise here

ත්‍රිරෝද රථ අනතුරකින් දෙදෙනකුට තුවාල

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 1,680 Views

මස්කෙළිය අප්කොට් සිට හැටන් දක්වා අධික වේගයෙන් ධාවනය වූ ත්‍රිරෝද රථයක් ලිස්සා ගොස් දුරකථන රැහැන් කණුවක ගැටීමෙන් එම ත්‍රිරෝද රථයේ ගමන් ගත් දෙදෙනකු තුවාල ලබා දික්ඔය මූලික රෝහලට ඇතුළත් කළ බව හැටන් පොලිසිය පවසනවා.

ඊයේ (06) එකම පවුලේ පිරිසක් ගමන් ගත් ත්‍රිරෝද රථය පස්වරු 4:00ට පමණ අප්කොට් හැටන් ප්‍රධාන මාර්ගයේ දික්ඔය වනරාජා වත්ත තේ කර්මාන්තශාලාව අසලදී ලිස්සා ගොස් දුරකථන රැහැන් කණුවක ගැටී නතර වී තිබෙනවා.

ත්‍රිරෝද රථය තුළ සිව් දෙනකු ගමන් කර ඇති අතර අනතුරින් ත්‍රිරෝද රථ රියදුරා සහ පසුපස අසුනේ ගමන් ගත් ඔහුගේ බිරිඳ තුවාල ලබා දික්ඔය මූලික රෝහල වෙත ඇතුළත් කර ඇති අතර අනතුරින් ත්‍රිරෝද රථයටද දැඩි හානි සිදුව තිබෙනවා.

මේ දිනවල මධ්‍යම කඳුකරයේ පස්වරුවේ පවතින අයහපත් කාලගුණයත් සමග මාර්ග ලිස්සන සුලු බැවින් එම මාර්ගවල රථවාහන ධාවනය කිරිමෙදි සැලකිලිමත් ලෙස ද සෙමෙන් රිය ධාවනය කරන ලෙස ද පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.

👁️ 1,680 Views

More News..

Advertise here