හලාවත ප්‍රදේශයේදී දැදුරු ඔයේ දියනැමට ගිය ළමුන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකු දියේ ගිලී මියගොස් තිබේ.
කිරිබත්ගොඩ ප්‍රදේශයේ සිට විනෝද චාරිකාවක පැමිණි පුද්ගලයින් පිරිසක් අතරින් 10 දෙනෙකු ඊයේ (05)පස්වරුවේ දැදුරු ඔයේ පාලම යට දියනාමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.
එහිදි පුද්ගලයින් පස් දෙනෙකු දියේ ගිලී ඇති අතර ඔවුන්ගෙන් සිව්දෙනෙකු එම ස්ථානයේදීම මියගොස් තිබුණි.
තවත් අයෙකු රෝහල් ගත කිරීමෙන් පසු මිය ගිය බව පොලීසිය සඳහන් කළේය.
එලෙස මියගොස් ඇත්තේ, වයස අවුරුදු 12,16,19 සහ 27 යන වයස්වල පසුවූ මාකොළ හා ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශවල පදිංචිකරුවන් බව සඳහන්ය.
👁️ 5,040 Views