Advertise here

කල්මඩු ප්‍රදේශයේදී පවුල් ආරවුලක් හේතුවෙන් ස්වාමිපුරුෂයා විසින් බිරිඳව ඝාතනය කරයි

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 2,640 Views

ඊච්චන්කුලම පොලිස් වසමේ කල්මඩු ප්‍රදේශයේදී පවුල් ආරවුලක් හේතුවෙන් ස්වාමිපුරුෂයා විසින් බිරිඳව ඝාතනය කර තිබේ.

ඊයේ (04) උදෑසන කාලයේදී මෙම සිදුවීම වාර්තා වූ බව පොලීසිය පවසයි.

එලෙස මියගොස් ඇත්තේ, පුම්පුකාර්, කල්මඩු ප්‍රදේශයේ පදිංචිව සිටි 25 හැවිරිදි කාන්තාවකි. 

ඊයේ උදෑසන කාලයේ කල්මඩු ප්‍රදේශයේ නිවසක කාන්තාවක් හිසෙහි තුවාල සහිතව මියගොස් ඇති බවට ඊච්චන්කුලම පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් ලැබී තිබුණි.

ඝාතනය සිදුකළ 33 හැවිරිදි ස්වාමිපුරුෂයා තම දියණිය සමඟ නිවසින් පිටව ගොස් එරාවූර් පොලිස් ස්ථානය වෙත භාර වී ඇත.

ඊච්චන්කුලම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

👁️ 2,640 Views

More News..

Advertise here