Advertise here

නේපාලයේ හිමාල කඳුවැටියේ කඳවුරු ආශ්‍රිත කොටස නාය යැමෙන් තුන්දෙනෙකු මරුට

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 4,480 Views
නේපාලයේ හිමාල කඳුවැටියේ යාලුන්ග් රායි කන්ද තරණය කිරීමට පැමිණි පිරිසක්  අනතුරකට ලක්ව තිබේ.

ඔවුන් රැදී සිටි කඳවුරු ආශ්‍රිත කොටස නාය යෑමකට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ගලවා ගැනීමේ කණ්ඩායම් විසින් මළ සිරුරු දෙකක් සොයාගෙන ඇති අතර, හිමෙන් වැළලී ඇති බවට විශ්වාස කෙරෙන ඉතිරි අය සොයමින් සිටිති. තවත් අට දෙනෙකු බේරාගෙන ඇති අතර ඔවුන්ගේ තුවාල සඳහා ප්‍රතිකාර ලබමින් කත්මණ්ඩු අගනුවරට ගොස් ඇතැයි විදෙස් වාර්තාවල සදහන් වේ.

ඉන් ප්‍රංශ සහ නේපාල ජාතික පුද්ගලයින් තුන් දෙනෙකු මියගොස් ඇති අතර ඉතාලි ජාතිකයන් දෙදෙනෙකු, ජර්මානු ජාතිකයෙකු සහ කැනේඩියානු ජාතිකයෙකු අතුරුදන්ව ඇතැයි විදෙස් වාර්තාවල සදහන් වේ.


 

👁️ 4,480 Views

More News..

Advertise here