Advertise here

උසස් පෙළ විභාගයට උපකාරක පන්ති පැවැත්වීම අද මධ්‍යම රාත්‍රියේ සිට තහනම්

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 4,080 Views

උසස් පෙළ විභාගයට (2025) අදාළ උපකාරක පන්ති පැවැත්වීම අද (04දා) මධ්‍යම රාත්‍රියේ සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාගය ලබන 10 වැනිදා සිට දෙසැම්බර් 05 දක්වා පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය සඳහන් කළාය.

විභාගය සඳහා පාසල් අයදුම්කරුවන් 246,521 ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 94,004 ක් ඇතුළුව සියලු අයදුම්කරුවෝ 340,525ක් පෙනී සිටිති. දිවයින පුරා මධ්‍යස්ථාන 236කදී විභාගය පැවැත්වීමට නියමිතය.

උසස් පෙළ විභාගයට අදාළව උපකාරක පන්ති පැවැත්වීම, විෂයානුබද්ධ සම්මන්ත්‍රණ පැවැත්වීම, දේශනා හා වැඩමුළු පැවැත්වීම සහ අනුමාන ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම අද මධ්‍යම රාත්‍රියෙන් පසු තහනම් වේ.

👁️ 4,080 Views

More News..

Advertise here