අම්පාර, මධ්‍යම කඳවුර ප්‍රදේශයේ දී මුගුරකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.
පොලීසිය සඳහන් කළේ දෙපාර්ශවයක් අතර ඇතිවූ පැරණි අරවුලක් දුරදිග යාමෙන් පොල්ලකින් හිසට සිදුකළ පහර දීමකින් මෙම ඝාතනය සිදුව ඇති බවය.
මියගොස් ඇත්තේ 31 හැවිරිදි වීරගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකු බව සඳහන් වේ.
ඝාතනයට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පැවසුවේය.
සිද්ධිය සම්බන්ධයෙන් මධ්‍යම කඳවුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
👁️ 3,320 Views