Advertise here

මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීමේ ‘රටම එකට’ මෙහෙයුම යටතේ පෙරේදා 1282ක් අත්අඩංගුවට

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 3,580 Views

මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීමේ ‘රටම එකට’ මෙහෙයුම යටතේ පෙරේදා (02දා) වැටලීම් 1274ක් සිදුකළ බව පොලිසිය පවසයි.

එම වැටලීම්වලදී සැකකරුවන් 1282ක් පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. ඒ අනුව හෙරොයින් වැටලීම් 437කින් හෙරොයින් කිලෝ 86යි ග්‍රෑම් 153ක් අයිස් මත්ද්‍රව්‍ය වැටලීම් 448කින් අයිස් කිලෝ 252යි ග්‍රෑම් 129ක් සොයාගත් බවද පොලිසිය කියයි.

මීට අමතරව වැටලීම් 327කින් ගංජා කිලෝ 05යි ග්‍රෑම් 391ක් සහ ගංජා පැළ 37,871ක් සොයාගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

👁️ 3,580 Views

More News..

Advertise here