මස්කෙළිය ප්‍රදේශයේ නීති විරෝධී ලෙස මැණික් ගැරූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසියට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.
එහිදී ඔහු සතුව තිබූ මැණික් ගැරීමට භාවිත කළ උපකරණ ද පොලීසිය සිය භාරයට ගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 62ක් වන මස්කෙළිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වේ.
සිද්ධිය සම්බන්ධයෙන් මස්කෙළිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
👁️ 4,080 Views