Advertise here

රථවාහන වරදක් සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන්ට බාධා කාන්තාව යළි රිමාන්ඩ්

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 3,740 Views

රථවාහන වරදක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට යාමේදී පොලිස් නිලධාරීන්ට බාධා කරමින් කළහකාරී ලෙස හැසිරුණු සිද්ධියක් සම්බන්ධව අත්අඩංගුවට ගෙන සිටි කාන්තාව එළැඹෙන 10 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

සැකකාරිය ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබා දෙනු ලැබීය.

මෙලෙස අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ 46 හැවිරිදි දෙමටගොඩ ප්‍රදේශයේ කාන්තාවකි.

මෝටර් රථයකින් ගමන් කරමින් සිටි අදාළ කාන්තාව රථවාහන වරදක් සම්බන්ධයෙන් නතර කිරීමට පොලිස් නිලධාරීන් උත්සාහ දරා ඇති අතර එහිදී ඇය පොලිස් අණ නොතකා මෝටර් රථය ධාවනය කර තිබුණි.
 

👁️ 3,740 Views

More News..

Advertise here