කලවාන දෙල්ගොඩ ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනෙකුට පසුගිය (31) වැනිදා වෙඩි තැබූ සැකකරු කලවාන පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කලවාන කොස්වත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.
පොලිස් හදිසි ඇමතුම් අංශය වෙත ලැබුණු තොරතුරක් මත සැකකරු මෙසේ අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.
ඔහු කලවාන එළවැල්ල ප්‍රදේශයේ නිවසක සැඟව සිට ඇති අතර ඔහු සන්තකයේ තිබී වෙඩි තැබීම සඳහා යොදා ගත් බෝර 12 ගිනිඅවිය සමග පතුරම් හයක් සහ උල් පිහියක් ද පොලීසිය සිය භාරයට ගෙන ඇත.
සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.
👁️ 1,680 Views