Advertise here

වැලිගම සභාපති ඝාතනයට සම්බන්ධ සැකකරුවන් 07 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 2,080 Views

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් 07 දෙනෙකු නොවැම්බර් 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබීය.

අද (30) අදාළ සැකකරුවන් මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත් චතුර දිසානායක මහතා හමුවට ඉදිරිපත්කළ අවස්ථාවේ දී මෙම නියෝගය ලබාදුන්නේය.

මෙම ඝාතන සිද්ධියට අදාළව වෙඩික්කරු, යතුරුපැදිකරු ඇතුළු සැකකරුවන් 9 දෙනෙක් පොලිස් අත්අඩංගුවට පත්ව සිටියි.

මෙහිදී මහෙස්ත්‍රාත්වරයා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයෙන් ප්‍රශ්නකර සිටියේ, වැලිගම පොලීසිය අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා හා අනෙකුත් සැකකරුවෝ සම්බන්ධයෙන් කුමන වගන්තිය යටතේ ක්‍රියා කරන්නට බලාපොරොත්තු වන්නේදැයි ද යන්නය.

ඊට පිළිතුරු ලෙස ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඉදිරියට කරුණු වාර්තා කරන බව ඔවුහු පෙන්වා දුන්හ.

මේ අතර වැලිගම සභාපති ඝාතනයට අදාළව වෙඩික්කරු හා යතුරුපැදිකරු මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ අත්අඩංගුවේ පසුවන අතර ඔවුන් දින 90ක රැදවුම් නියෝග මත රඳවා තැබීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කරනු ලැබීය.

ඒ අනුව ඔවුන් ඊයේ (29) පස්වරුවේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කළේය.

👁️ 2,080 Views

More News..

Advertise here